ව්යාපාරයක් සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමේදී සමාගම් ලේකම් කියන තනතුර අනිවාර්යෙන්ම තියෙන්න ඕන.
නමුත් බොහෝ දෙනෙක්ට නිවැරදි අවබෝධයක් නෑ මේ සමාගම් ලේකම් කියන තනතුර ගැන සහ එහි කාර්යභාරය ගැන.
මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැන.
- සමාගම් ලේකම් කෙනෙක් අනිවාර්ය ද?
ඔව්, 2007 අංක 07 සමාගම් පණතේ 221වන වගත්නිය අනූව, ශ්රී ලංකාව තුළ ඕනෑම සමාගමක් ලියාපදිංචි කිරීමේදී සමාගම් ලේකම් වරයෙක් හෝ සමාගම් ලේකම් ආයතනයක් එම සමාගමේ සමාගම් ලේකම් ලෙස පත් කිරීම අනිවාර්ය දෙයක්.
- සමාගම් ලේකම් කෙනෙක් විදිහට පත්වෙන්න පුළුවන් කාටද?
නීතිය ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පිළිගන්න ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට සමාගමක ලේකම් කෙනෙක් ලෙස පත්වෙන්න හැකියාව තියනවා.
පුද්ගලයෙක් නම් වයස අවුරුදු 18ට වැඩි වෙන්න අවශ්යයි සහ ආයතනයක් නම් සමාගම් ලේකම් සේවා සපයන, ලියාපදිංචි ආයතනයක් විය යුතුයි.
- ලියාපදිංචි සමාගම් ලේකම් කෙනෙක් අවශ්ය ද?
සමාගම් ලේකම් කෙනෙක් අවශ්ය බව බොහෝ දෙනෙක් දන්නවා උනත්, ලියාපදිංචි සමාගම් ලේකම් කෙනෙක් අවශ්ය වෙන්නේ ඇයි කියන එක තරමක් පැටලිලි සහගත කරුණක්
කිසියම් සමාගමක මූලික ආයෝජයන රු. 500,000/= ට වැඩි වෙනවා නම් හෝ වාර්ෂික ආදායම රු. 1,000,000/= ට වැඩි වෙනවා නම්, එම සමාගමේ සමාගම් ලේකම් ලෙස පත්වෙන පුද්ගලයා හෝ ආයතනය අනිවාර්යයෙන් ම රජයේ ලියාපදිංචි සමාගම් ලේකම් කෙනෙක් විය යුතුයි.
1987.09.14 දින නිකුත්කල අංක 471/6 දරණ ගැසට් නිවේදනයේ මේ පිළිබඳව සම්පූර්ණ විස්තර ඇතුළත් කරලා තියනවා
- ලියාපදිංචි සමාගම් ලේකම් කෙනෙක් පත්කරගැනීම වාසිදායක ද?
අනිවාර්යයෙන් ම ඔව්, ඔබ ලියාපදිංචි කරන ආයතනය ඉහත නිර්නායක දෙකෙන් එකකට හෝ යතත් වෙනවා නම්, නීතිමය වශයෙන් ලියාපදිංචි සමාගම් ලේකම් වරයෙක් / ආයතනයක් ඔබ ආයතනයේ සමාගම් ලේකම් ලෙස පත්කරගත යුතුයි.
ඒ වගේම තමයි, ලියාපදිංචි සමාගම් ලේකම් වරයෙක් / ආයතනයක් කියන්නේ අදාල ක්ෂේත්රයේ ප්රවීණයන් නිසා සමාගම ලියාපදිංචි කිරීමෙන් පසු ඇතිවෙන සියලුම තත්ත්වයන් සඳහා සමාගම් ලේකම්වරයාගේ / ආයතනයේ සහය අනිවාර්යයෙන් ම ලබාගන්න පුළුවන්.
- ලියාපදිංචි සමාගම් ලේකම් සේවය සඳහා ගාස්තු කොපමණ ද?
ඔබ අප ආයතනය හරහා, සාමාගම් ලේකම් සේවයත් ඇතුලත්ව සමාගම් ලියාපදිංචිය සිදුකරගන්නවා නම් (Premium Package), සමාගම් ලේකම් සේවය සඳහා පළමු වසර වෙනුවෙන් අපි කිසිම අමතර ගාස්තුවක් අය කරන්නේ නෑ.
දෙවන වසරේ සිට වාර්ෂික ගාස්තුව රු. 19,000/= පමණයි වෙන්නේ.






Buy Now - Company Secretary